Skip to main content

Island - Nissim Ezkiel

 


දූපත

නුසුදුසුයි ගයනටත් විඳිනටත්

දූපතේ මල් සොයයි පැල්පතුත්

අහස සූරන මන්දිරත්, ඒ ප්‍රතිබිම්බයයි

සෑමදා වැඩෙනා මසිත්.

පැමිණියෙමි සොයා මෙහි මට හිමි මාවතක්.

අයදිමි පිහිට යම් විටෙක්

නමුදු නිරතුරු මම ම මට පිහිටක්.

මගේ ම අපැහැදිලි කටහඩින්

මිනිස් වෙස් ගත් මකරුගෙන්

නැගෙන විකෘති දෝංකාරය සොයා එයි මා සවන්පත්.

දිදුලමින් සිත කළඹවන මද පවන්

අතීතය අනාගතය අතරින් පවුරක් බැඳන්,

හමා යයි දූපත මැදින්;

එහෙත් වායුව සැරිසරයි තවමත්

නොසැලකිල්ලේ සුවඳ සමඟින්

මා නිදා සිටිනා හෙයින්.

ගැලවුම්කාරී හැඟුමකින්

ආත්මය කෙසේ සනසම්,  අභිමතය

වූ දිශානතියක කෙසේ සිතුවිලි තිර කරම්?

නොහැක මට සමුගන්න දූපතෙන්,

එහි මා උපන්නෙම් ඊට ම අයත් වෙම්.

හාස්කම් පිරි බලවේගයක් දැනුදුත්

දෛනික ව්‍යාපාරයකට මා යොමු කරයි කඩිනමින්,

සිහිකරමි දූපතේ පැවතුම්

නියම දේශප්‍රේමියෙකු විලසින්,

මගේ අනාගත මාවතේ නිහඬ ඝෝෂාවන් නගම්.


Comments

Popular posts from this blog

සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - රුවන් බන්දුජීව

 

The Night of The Scorpian - Nissim Ezkiel -

  ගෝනුස්සාගේ රාත්‍රිය   තාම මතකයි ඒ රාත්‍රිය අම්මාව ගෝනුස්සෙක් හපා කෑවා පැය දහයක මර වැස්ස ඌව වී ගෝනියක් යටට කරලා තිබුණා   ගන අඳුරේ උගේ වලිගෙ විස පත්තු කරලා ඌ වැස්සෙ ම යන්න ගිහින්   මැස්සන් ඇහිරෙනවා වගේ අහළ පහළ අය ඇවිදින් ගෝනුස්සගේ විස නසන්ට දෙයියන්ට කන්නලව්ව.   ඉටිපන්දම් පහන් වලින් වරිච්චි බිත්තියට වැටෙන ගෝනුසු රුව දිගේ කොච්චර හෝදිසි කෙරුවත් ඌ හිටියේ නෑ පේන්ට. හොයා ගන්න බැරි වුණ තැන “චඃ!” කියලා කියවුණා ගෝනුස්සා ඇවිදින කොට විස සිරුරේ ඔඩු දුවනවා, කියලා කියනවා ඇහුණා.   අනේ ඌ ඇවිදින්න එපා, උඹේ කරුම ඔක්කොම ටික අදින් පස්සෙ ඉවර වේවා, ඊළඟ ආත්මෙදී උඹට මෙහෙව් දුකක් නොලැබේවා, ලොවේ යහපතට එදිරිව හරිහරියට නැගී සිටින සෑම සියලු අයහපත ම උඹේ වේදනා ස්වරයෙන් දුරින් ම දුරු වී යේවා! මේ විසෙන් උඹේ ආසාව කියන මාංශය, බලාපොරොත්තුව කියන ආත්මය සුද්ද වේවා, මෙකී නොකී යාදිනි මැද මගෙ සවන් සැරිසැරුවා.   අම්මව වටකරන් මැටි පො‌ළොවේ වාඩි වෙලා. වෙන්න යන්නේ මොකක් ද කියලා හැම මූණෙ ම ඇඳිලා තිබුණා. ඉටිපන්දම්, ලන්තෑරුම්, අසල්වැසියො, කුරුමිණියෝ, ‍

සීගිරි ළඳකගේ අම්මෙක් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල