ගෝනුස්සාගේ රාත්‍රිය තාම මතකයි ඒ රාත්‍රිය අම්මාව ගෝනුස්සෙක් හපා කෑවා පැය දහයක මර වැස්ස ඌව වී ගෝනියක් යටට කරලා තිබුණා ගන අඳුරේ උගේ වලිගෙ විස පත්තු කරලා ඌ වැස්සෙ ම යන්න ගිහින් මැස්සන් ඇහිරෙනවා වගේ අහළ පහළ අය ඇවිදින් ගෝනුස්සගේ විස නසන්ට දෙයියන්ට කන්නලව්ව. ඉටිපන්දම් පහන් වලින් වරිච්චි බිත්තියට වැටෙන ගෝනුසු රුව දිගේ කොච්චර හෝදිසි කෙරුවත් ඌ හිටියේ නෑ පේන්ට. හොයා ගන්න බැරි වුණ තැන “චඃ!” කියලා කියවුණා ගෝනුස්සා ඇවිදින කොට විස සිරුරේ ඔඩු දුවනවා, කියලා කියනවා ඇහුණා. අනේ ඌ ඇවිදින්න එපා, උඹේ කරුම ඔක්කොම ටික අදින් පස්සෙ ඉවර වේවා, ඊළඟ ආත්මෙදී උඹට මෙහෙව් දුකක් නොලැබේවා, ලොවේ යහපතට එදිරිව හරිහරියට නැගී සිටින සෑම සියලු අයහපත ම උඹේ වේදනා ස්වරයෙන් දුරින් ම දුරු වී යේවා! මේ විසෙන් උඹේ ආසාව කියන මාංශය, බලාපොරොත්තුව කියන ආත්මය සුද්ද වේවා, මෙකී නොකී යාදිනි මැද මගෙ සවන් සැරිසැරුවා. අම්මව වටකරන් මැටි පොළොවේ වාඩි වෙලා. වෙන්න යන්නේ මොකක් ද කියලා හැම මූණෙ ම ඇඳිලා තිබුණා. ඉටිපන්දම්, ලන්තෑරුම්, අසල්වැසියො, කුරුමිණියෝ,
❤️❤️
ReplyDelete❤️
Delete