Skip to main content

If - Rudyard Kipling

 


පුළුවන් නම්

 

පුළුවන් නම් නුඹට හිස ඍජු ව තබා ගෙන හිඳින්නට, සියල්ල අහිමි කරගත්

දනන්ගේ දබරැඟිලි නුඹ වෙතට එල්ල වන විට;

පුළුවන් නම් නුඹට විශ්වාස කරන්නට නුඹව, සියලු මිනිසුන්ගේ සැකය මැද,

නමුදු ඒ සැකයට ද ඉඩ හසර ලැබ දෙන්නට:

පුළුවන් නම් නුඹට ඉවසන්නට, ඉවසුමේ ඉම නො දකින්නට,

නොමැති නම්, රැවටෙනාමුත් නො රවටන්නට,

නොමැති නම්, වෙර බැඳෙනමුත් වෛරයට පාරක් නො කපන්නට,

එහෙත්, අධි යහපත් නො වන්නට, අධි නැණින් මුව නො හරින්නට;

 

පුළුවන් නම් නුඹට සිහින දකින්නට, සිහින නුඹේ ස්වාමියා කර නොගන්නට;

පුළුවන් නම් නුඹට සිතන්නට, සිතුවිලි නුඹේ ඉලක්කය කර නොගන්නට,

පුළුවන් නම් නුඹට විජයග්‍රහණයත් පරාජයත් දෙස බලන්නට

ඒ වංචාකාරයන් හට සම සිතින් සලකන්නට:

පුළුවන් නම් නුඹට නුඹ කතා කළ සත්‍ය වචනය අසා සිටින්නට

දුහුනුවන් හසුකරන උගුලක් ව එය අඹරවා තිබෙන විට,

නොමැති නම් නුඹ නුඹේ ජීවිතයට දුන්නු දේ සිඳී බිඳී ඇති දෙස බලන්නට,

අබලන් මෙවලමින් ඒවා යළිත් ගොඩනගන්නට;

 

පුළුවන් නම් නුඹට නුඹේ සියලු ජයග්‍රහණයන්ගෙන් එක ගොඩක් ගසන්නට,

ඒ සියල්ල අහිමි කර ගැනීමේ අවදානම දරන්නට,

අහිමි වූ සියල්ල මුල සිට නැවත අරඹන්නට,

ඔබේ පරාජය පිළිබඳ වදන් පපුවට නො ගන්නට:

පුළුවන් නම් නුඹට නුඹේ හදවතට ස්නායුවලට මස්පිඬුවලට බල කරන්නට

දිගු කලක් අඩපණ ව සිටිමුත් ඔබේ වාරය පැමිණි විට සේවය කරන ලෙස,

 ‘මා සමඟ ඉන්න!’ යි ඔවුනට පවසනා අධිෂ්ඨානය හැරුණු කොට

ඔබ තුළ කිසිවක් නොමැති වුවත් ඔබ සමඟ රැඳී සිටින ලෙස

 

පුළුවන් නම් නුඹට ජනීජනයා අමතන්නට, ඔබේ ගුණවත් බව රැකගන්නට,

නොමැති නම් රජුන් සමඟ සැරිසරන්නට -- එහෙත් පොදුජනයා සමඟ රැඳෙන්නට,

නුපුළුවන් නම් හිත මිතුරන්ට හා පස මිතුරන්ට නුඹව රිදවන්නට,

එක් කරගනී නම් සියලු මිනිසුන් නුඹව, අවැසි ලෙස නිසි ක්‍රමයට:

පුළුවන් නම් නුඹට සමාව දිය නොහැකි මිනිත්තුවක් පුරවන්නට

දුරස්ව සිටිනා තත්පර හැටක වටිනාකමට,

මේ මුළු ලොවත් එහි ඇති සියල්ලමත් ඔබගේ ය,

ඒ සියල්ලට ම වඩා -- ඔබ මිනිසෙකු වනු ඇත, මා පුත!


Comments

Popular posts from this blog

සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - රුවන් බන්දුජීව

 

Love in Translation - Madeline Kheilminister

 ප්‍රේමය දිව නුහුරු බසින්  විදේශිකයෙකුට පෙම් බැඳීම අතිශය සුන්දර අත්දැකීමකි. ඔවුනගේ සිතැඟි වටහාගැනීමත් ඔවුන් අයත්වන සංස්කෘතිය හඳුනාගැනීමත් එක හා සමාන ව සිත් ඇදගන්නා ක්‍රියාවන් වේ. අපට නුහුරු ඔවුනගේ වාග් සම්ප්‍රදායන්, අපූරු සිරිත් විරිත් සහ සිත් පුබුදු කරවාලන අදහස් උදහස් ඉතා ආකර්ෂණීය වේ. හදවතට වඩ වඩාත් සමීප වීමේත්, සිතැඟි වටහා ගැනීමේත් පරමාර්ථයෙන් ඔවුනගේ භාෂාව උගෙනීමේ නො තිත් ආශාවකින් ඔබ පෙළෙනු නො අනුමාන ය. පෙම් සුව විඳිද්දී සිය ආදරණීයයාගේ මුවින් ගිලිහී ඔබේ සිත තුළට කා වැදුණු, එහෙත් අරුත් වටහා ගත නොහැකි ඇතැම් වදන් නිරතුරුව මුමුණනන්ට ඔබ පෙළඹෙන්නේ නිරායාසයෙනි. මන්ද, එවදන් ඔබේ සවනත වැකුණු විට හද තුළ ඉපිලුණු උද්වේගකර හැඟීම් ඒවා තුළ නිදන් ව ඇති හෙයිනි. ඔවුනට ඔබේ  ස්වරණය ආදරණීය ය. ඔබට ද, ඔබේ මවුබසින් සිය ආදරණීයයාගේ හඬ ඇසෙන විට එය අතිශයින් මධුර මනෝහර වේ.  ප්‍රේමය විදෙස් බසකින් මා සොයා පැමිණියේ යමෙක් සිය ආත්ම-ගවේෂණය සහ ආත්ම-සංවර්ධනය කෙරහි සිය සිත අතිශයින් ම ඒකාග්‍ර කරනා අවධියක යි. ඒ මා උපාධි අපේක්ෂිකාවක ලෙස විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි වසර යි. ඉංග්‍රීසි භාෂා සහායකවරියක ලෙස මා ...

A Great Man's House - Samrat Upadhyay

  උත්තමයෙකුගේ නිවහන   මම නැවතුණෙමි . මගේ හාම්පුතු වැනි උතුම් මිනිසෙකු හැර දමා යාම පිළිබඳ ව සිතන්නටවත් නො හැකි වූ හෙයින් මම නැවතුණෙමි. පෙර දා රාත්‍රියේ ඇය මට “නාකි අවලමා” යි පැවසූ පසු මා සිතා සිටියේ මා සතු ව තිබූ සොච්චමත් රැගෙන කෝකියෙකු ලෙස සේවය කළ හැකි වෙනත් නිවහනක් සොයා යෑමට යි. මා හට එසේ සේවය කළ හැකි තැනක් වෙත්දැ’යි කල්පනා කරන විට මගේ හාම්පුතුගේ මිතුරන්ව ද සිහි වුණි. හැට වන වියට ආසන්න ව සිටි මාගේ වියපත්   බව පිළිබඳ ව සලකා බලද්දී බොහෝ දෙනෙකු මා සේවයට බඳවා ගැනීමෙන් වැළකී සිටිනු ඇති බව වැටහුණු හෙයින් ධරන් නගරය ආසන්නයේ පිහිටි මගේ ගමට ගොස් තේ කඩයක් ආරම්භ කිරීම පිළිබඳ ව ද සිතා බැලුවෙමි. මේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කළ වසර අට පුරාවට මා ඉතුරු කරගත් රුපියල් පාළොස්දාහක් මගේ කාමරයේ ඇති අගුලු දැමූ ට්‍රන්ක පෙට්ටිය තුළ සුරැකි ව තැන්පත් ව ඇත. මේ එකිනෙක දෑ පිළිබඳ ව කල්පනා කළ මා හට අවසානයේ දී මගේ හාම්පුතුගේ තරුණ බිරිය වන නානි මෙම්සහිබ්ගේ දයාබර බව සමඟ ඔහුව තනි කළ නො හැකි බව වැටහුණි. මගේ හාම්පුතු හෘද රෝගවලින් ද, කොඳු ඇට පෙළෙහි ඇති වන දරුණු වේදනාවකින් ද, ඔහුව ඇඳට ම සීමා කර තැබීමට සමත් වූ...