පුළුවන් නම් නුඹට හිස ඍජු ව තබා ගෙන හිඳින්නට, සියල්ල අහිමි කරගත්
දනන්ගේ දබරැඟිලි නුඹ වෙතට එල්ල වන විට;
පුළුවන් නම් නුඹට විශ්වාස කරන්නට නුඹව, සියලු මිනිසුන්ගේ සැකය මැද,
නමුදු ඒ සැකයට ද ඉඩ හසර ලැබ දෙන්නට:
පුළුවන් නම් නුඹට ඉවසන්නට, ඉවසුමේ ඉම නො දකින්නට,
නොමැති නම්, රැවටෙනාමුත් නො රවටන්නට,
නොමැති නම්, වෙර බැඳෙනමුත් වෛරයට පාරක් නො කපන්නට,
එහෙත්, අධි යහපත් නො වන්නට, අධි නැණින් මුව නො හරින්නට;
පුළුවන් නම් නුඹට සිහින දකින්නට, සිහින නුඹේ ස්වාමියා කර නොගන්නට;
පුළුවන් නම් නුඹට සිතන්නට, සිතුවිලි නුඹේ ඉලක්කය කර නොගන්නට,
පුළුවන් නම් නුඹට විජයග්‍රහණයත් පරාජයත් දෙස බලන්නට
ඒ වංචාකාරයන් හට සම සිතින් සලකන්නට:
පුළුවන් නම් නුඹට නුඹ කතා කළ සත්‍ය වචනය අසා සිටින්නට
දුහුනුවන් හසුකරන උගුලක් ව එය අඹරවා තිබෙන විට,
නොමැති නම් නුඹ නුඹේ ජීවිතයට දුන්නු දේ සිඳී බිඳී ඇති දෙස බලන්නට,
අබලන් මෙවලමින් ඒවා යළිත් ගොඩනගන්නට;
පුළුවන් නම් නුඹට නුඹේ සියලු ජයග්‍රහණයන්ගෙන් එක ගොඩක් ගසන්නට,
ඒ සියල්ල අහිමි කර ගැනීමේ අවදානම දරන්නට,
අහිමි වූ සියල්ල මුල සිට නැවත අරඹන්නට,
ඔබේ පරාජය පිළිබඳ වදන් පපුවට නො ගන්නට:
පුළුවන් නම් නුඹට නුඹේ හදවතට ස්නායුවලට මස්පිඬුවලට බල කරන්නට
දිගු කලක් අඩපණ ව සිටිමුත් ඔබේ වාරය පැමිණි විට සේවය කරන ලෙස,
‘මා සමඟ ඉන්න!’ යි ඔවුනට පවසනා
අධිෂ්ඨානය හැරුණු කොට
ඔබ තුළ කිසිවක් නොමැති වුවත් ඔබ සමඟ රැඳී සිටින ලෙස
පුළුවන් නම් නුඹට ජනීජනයා අමතන්නට, ඔබේ ගුණවත් බව රැකගන්නට,
නොමැති නම් රජුන් සමඟ සැරිසරන්නට -- එහෙත් පොදුජනයා සමඟ රැඳෙන්නට,
නුපුළුවන් නම් හිත මිතුරන්ට හා පස මිතුරන්ට නුඹව රිදවන්නට,
එක් කරගනී නම් සියලු මිනිසුන් නුඹව, අවැසි ලෙස නිසි ක්‍රමයට:
පුළුවන් නම් නුඹට සමාව දිය නොහැකි මිනිත්තුවක් පුරවන්නට
දුරස්ව සිටිනා තත්පර හැටක වටිනාකමට,
මේ මුළු ලොවත් එහි ඇති සියල්ලමත් ඔබගේ ය,
ඒ සියල්ලට ම වඩා -- ඔබ මිනිසෙකු වනු ඇත, මා පුත!
Comments
Post a Comment