ප්‍රේමය දිව නුහුරු බසින් විදේශිකයෙකුට පෙම් බැඳීම අතිශය සුන්දර අත්දැකීමකි. ඔවුනගේ සිතැඟි වටහාගැනීමත් ඔවුන් අයත්වන සංස්කෘතිය හඳුනාගැනීමත් එක හා සමාන ව සිත් ඇදගන්නා ක්‍රියාවන් වේ. අපට නුහුරු ඔවුනගේ වාග් සම්ප්‍රදායන්, අපූරු සිරිත් විරිත් සහ සිත් පුබුදු කරවාලන අදහස් උදහස් ඉතා ආකර්ෂණීය වේ. හදවතට වඩ වඩාත් සමීප වීමේත්, සිතැඟි වටහා ගැනීමේත් පරමාර්ථයෙන් ඔවුනගේ භාෂාව උගෙනීමේ නො තිත් ආශාවකින් ඔබ පෙළෙනු නො අනුමාන ය. පෙම් සුව විඳිද්දී සිය ආදරණීයයාගේ මුවින් ගිලිහී ඔබේ සිත තුළට කා වැදුණු, එහෙත් අරුත් වටහා ගත නොහැකි ඇතැම් වදන් නිරතුරුව මුමුණනන්ට ඔබ පෙළඹෙන්නේ නිරායාසයෙනි. මන්ද, එවදන් ඔබේ සවනත වැකුණු විට හද තුළ ඉපිලුණු උද්වේගකර හැඟීම් ඒවා තුළ නිදන් ව ඇති හෙයිනි. ඔවුනට ඔබේ ස්වරණය ආදරණීය ය. ඔබට ද, ඔබේ මවුබසින් සිය ආදරණීයයාගේ හඬ ඇසෙන විට එය අතිශයින් මධුර මනෝහර වේ. ප්‍රේමය විදෙස් බසකින් මා සොයා පැමිණියේ යමෙක් සිය ආත්ම-ගවේෂණය සහ ආත්ම-සංවර්ධනය කෙරහි සිය සිත අතිශයින් ම ඒකාග්‍ර කරනා අවධියක යි. ඒ මා උපාධි අපේක්ෂිකාවක ලෙස විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි වසර යි. ඉංග්‍රීසි භාෂා සහායකවරියක ලෙස මා ...
Great work ❤️
ReplyDeleteThanks kudzzz
ReplyDeleteJust wow😍
ReplyDeleteThank you ❤️
ReplyDeleteSuper nangi👍👍
ReplyDeletethank you akka
ReplyDeleteSuperb nangi
ReplyDelete